ජෙට්ස්කි ධාවනෙය් සිටියදී අහම්බෙන් අතුරුදන් වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් පානදුර බොල්ගොඩ ගඟේ තිබී සොයා ගැනුණා. මෙලෙස මියගොස් ඇත්තේ පානදුර දිග්ගල ශ්රීයා මාවත ප්රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි අවිවාහක මාළු වෙළෙන්දෙකු වන එෂාන් විතාන නමැති අයෙකි.
මෙම පුද්ගලයා රස්කින් දූපත අසල බොල්ගොඩ ජලාශයේ ජෙට් ස්කී පැදවීමට පුරුදුව සිටි බව වාර්තා වේ.
ඔහු අද දිනයේද ජෙට් ස්කි පදිමින් විනෝද වෙමින් සිටියදී පෙරවරු 10.05ට පමණ ගඟ හරහා දිවෙන පාළම් පාරුවේ ගැටගසා තිබූ කඹයේ ගැටී සිදුවු අනතුරෙන් පසුව දියේ ගිලී තිබුණු අතර ධීවර යාත්රා සහ ජෙට් ස්කි මඟින් අතුරුදන් පුද්ගලයා සොයා මෙහෙයුම් දියත් කළ අතර, පැය දෙකකට පමණ පසුව ඔවුන් විසින් සිරුර දිග්ගල තොටුපොළට රැගෙන විත් ත්රීරෝද රථයකින් පානදුර මූලික රෝහලට රැගෙන ගිය නමුත් ඔහු ඒ වනවිටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
පානදුර උතුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.