ගිරානගම පොලිස් වසමට අයත් ආඬියාගල ප්රදේශයේ ව්යාපාරික කටයුතු සිදු කරන ලොරි රථයක රැඳී සිටි පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ 35ක පමණ මුදලක් කොල්ලකෑමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබෙනවා.
එහිදී එක් අයෙකු අත්අඩංගුවට ගෙන මකුළුගස්වැව පොලීසියට භාරදී ඇති අතර, පරීක්ෂණ කටයුතු ගල්කිරියාගම පොලීසියට භාරදී තිබුණා. කොල්ලකෑමට සම්බන්ධ තවත් විත්තිකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ගිරානගම පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.
ඔවුන් පොලිස් නිලධාරීන්ගේ මුවාවෙන් මෙම මංකොල්ලය සිදු කළ බවත්, මෙම සිද්ධියට එක් පොලිස් නිලධාරියෙකුද සම්බන්ධ වී තිබෙනවා.ඔහු හලාවත පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිට ඇති අතර මේ වන විට ඔහුට අදාළව සේවය හැරයාමේ නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.