ගම්පොල, උඩුවැල්ල ප්‍රදේශයේ රජයේ රෝහලකදී පැරසිටමෝල් අධිමාත්‍රාවක් නිකුත් කළ හේතුවෙන් හත් හැවිරිදි දැරියක් මිය යාමේ ඛේදනීය පුවතක් මේ වනවිට කරළියට පැමිණ තිබෙනවා. මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්යක්ෂ මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි නිහාල් වීරසූරිය සඳහන් කළේ.පසුගිය අප්‍රේල් 20 වැනිදාඋඩහේන්තැන්න,උඩුවැල්ල තාමරවල්ලිය ජනපදයේ පදිංචිශ්යාමලී තරුෂිට උණ වැළඳී තිබුණි.
ප්‍රදේශයේ එකම ග්‍රාමීය රෝහල වන කුරුඳුවත්ත ප්‍රාදේශීය රෝහලට දැරිය රැගෙන ගිය මවුපියන් රෝහලේ ෆාමසියෙන් රෝහල් වෛද්‍යවරයා නියම කළ ඖෂධය ලබා ගත්තද දැරියගේ අසනීප තත්ත්වය පහව ගියේ නැත.
දැරියගේ පියා, “බෙහෙත් ගත්තත් අඩුවුණේ නැහැ, බඩඑළිය ගියා, පණනැතුව වගේ හිටියා. ඒ නිසා ආපහු හොස්පිටල් ගෙනිච්චා.” දෙවනුව ලැබුණු ඖෂධවලින්ද කිසිදු සුවවීමක් නොමැතිවූ නිසාවෙන්, දැරිය ගම්පොළ රෝහල වෙත රැගෙන යාමට මව්පියන් තීරණය කරයි.
ගම්පොල රෝහලේදී දැරිය පරීක්ෂා කළ ගම්පුල රෝහලේ වෛද්‍යවරු කුරඳවත රෝහලෙන් දැරියට ලබාදුන් ඖෂධ ද පරීක්ෂා කළහ.
ඒ අනුව දැරිය අධික මාත්‍රාවක් ලබා දී ඇති බව වෛද්‍යවරුන් තහවුරු කළා. අසාධ්‍ය තත්ත්වයේ පසුවූ දැරිය දැඩි සත්කාර ඒකකයට යොමු කර ඇති අතර එහිදී වෛද්‍යවරුන් විසින් දැරිය නිර්වින්දනය කර ඇති අතර, පසුව ඇය සිහිසුන්ව මිය ගියාය.
දැරියගේ පියා, “අමාරු වුණා. ඩොක්ටර්ලා කිව්වා ICU එකට දාන්න වෙයි කියලා. දුව දඟලන නිසා සිහි නැති කරන්න ලියුමක් ලියා ගත්තා. ඊට පස්සේ ඩොක්ටර්ලා සිහි නැති කරලා, සිහිය ආපහු ගන්න හදනකොට දුව නැතිවුණා හාර්ට් එක වැඩ කරන්නේ නැතුව.”
කුරුඳුවත්ත රෝහලේ අවශ්‍ය ඖෂධ නොමැති නිසා කඩදාසි කොළවල ඔතා ඖෂධ බෙදාහරින බවත් සාමාන්‍යයෙන් ලබා දෙන පැරසිටමෝල් වැනි ඖෂධ මාත්‍රාව ලියා කඩදාසි කොළවල ඔතා ඇති බවත් විමර්ශනයේදී අනාවරණය විය.
දැරියගේ පියා,
ඩොක්ටර් කිව්වා මෙයාට මාත්‍රාව වැඩිපුර දීලා තියෙන්නේ කියලා. මේක තමයි දුන්න බෙහෙත. කොලේ එළියේ ඩොක්ටර් ලියලා තියෙනවා 1 බැගින්, අපි ඒක බැලුවේ නෑ, බෙහෙත් දුන්න කෙනා ඇතුළේ ලියලා තියෙන්නේ 2 බැගින්. ඒ ගාන දුන්නේ.”