වයඹදිග පකිස්ථානයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් ගුරුවරුන් පස් දෙනෙකු සහ කම්කරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
පාසලේ විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමෙන් පසු පාසලට ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනා වෙඩි තබා ඇති බව ඔවුන් සඳහන් කළා.
වාර්ගික හා ආගමික අර්බුදයක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. වෙඩි ප්‍රහාරය සඳහා වෙඩික්කරුවන් කිහිපදෙනෙකු පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
ගුරු විවේකාගාරයේදී වෙඩි තැබීම සිදුව ඇති බව එරට ආරක්ෂක නිලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේ වෙතත් ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.