කාන්තාවන් නව දෙනෙකු මුදලට විකිණීමේ ජාවාරමක නිරත වූ කාන්තාවක් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව පොලිස් උපාය දූතයෙකු කාන්තාවක් මුදලට මිලදී ගැනීමේ මුවාවෙන් යොදවා වැටලීම සිදුකර ඇතැයි සැලකේ. අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 20ත් 43ත් අතර වයස්වල පසුවන්නියන් බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් පිරිස මිද්දෙණිය, කහටගස් තැන්න, ගංකන්ද, මැදවච්චිය, බුත්තල, මොරටුව, පොතුවිල්, රක්වාන, රත්මලාන සහ වාද්දුව යන ප්රදේශවල පදිංචිකාරිනියන්වේ.
සැකකාරියන් ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.