සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහි විස්සයි20 ක්රිකට් තරගාවලිය අරඹමින් ඊයේ ඕක්ලන්ඩ්හිදී පැවති පළමු තරගය ලකුණු 46කින් ජය ගැනීමට නවසීලන්තය සමත් විය.
තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් නවසීලන්තය රැස් කළ ලකුණු 226ට පිළිතුරු ලෙස පාකිස්තාන කණ්ඩායමට ඕවර 18කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 180ක් පමණි.
මේ සමඟ තරග 5කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට නවසීලන්තයට හැකි විය.