ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙමටගොඩ චමින්දගේ ප්‍රධාන ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකි. සැකකාර සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙමටගොඩ චමින්දගේ පුත්‍රයාගේ මෙහෙයවීම මත මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුවන බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් කියා සිටියේ. අත්අඩංගුවට ගැනීමේදී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 25 බැගින් වූ පැකට් 400ක් ද සොයාගෙන තිබේ.