දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා ගීතය ජාතික උරුමයක් බවට පත් කොට තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත පත්කළ කමිටුවේ තීරණ අනුව ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට ඊයේ දින අනුමැතිය ලැබිමත් සමගින්. කමිටු තීරණයට අනුව ‘ජාතියේ වින්දනය හා චින්තනය කෙරෙහි ශත වර්ෂයකට අධික කාලයක් අඛණ්ඩව බලපා ඇති මෙම ගීතය, අනාදිමත් කාලයක සිට ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා,
මෙය ජෝන් ද සිල්වා ශූරීන් රචනා කර ඇති, සිරිසඟබෝ නූර්තියේ (1903) එන ගීතයක් වන අතර මෙහි තනු නිර්මාණය කර ඇත්තේ විශ්වනාත් ලෞජි විසිනි. මෙරට ජාතික ගීය භාවිතයට ගැනෙන තුරු උත්සව හා වෙනත් අවස්ථාවලදී මෙම ගීතය ජාතික ගීතයක් බඳු ව භාවිතයට ගෙන ඇති බවට සාක්ෂි ඇති බවත් මෙම ගීතය ජාතික උරුමයක් බවට පත් කිරීම සඳහා නෛතික හෝ අනිකුත් බලපෑමක් නොවන බවද කමිටුවේ දී තීරණය වී තිබෙන්නේ. ඒ සියලු හේතුන් සැලකිල්ලට ගනිමින් දන්නෝ බුදුන්ගේ ගීතය ජාතික උරුමයක් ලෙස නම් කිරීමට පියවර ගෙන ඇත්තේ.