ආරක්ෂාව සහ සමෘද්ධිය සම්බන්ධයෙන් ලොව විශාලතම අභියෝගය චීනය බව බ්‍රිතාන්‍යය පවසයි.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනක් පැවසුවේ ගෝලීය ආරක්ෂාව සහ සමෘද්ධිය සඳහා යුගයේ විශාලතම අභියෝගය චීනය බවයි.
ඔහු මේ බව කියා සිටියේ ජපානයේ හිරෝෂිමා නුවර පැවති G7 සමුළුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මේ අනුව චීනයෙන් එල්ල වන අභියෝග අවම කර ගැනීම සඳහා බ්‍රිතාන්‍යය ඇතුළු ජී 7 රටවල් පොදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි බ්‍රිතාන්‍යයය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
බාහිර පාර්ශ්වවල ස්වෛරීභාවයට ඇඟිලි නොගැසීමට චීනය ක්රමානුකූල පියවර ගනිමින් සිටින බවයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.