ගෝඨාභය රාජපක්ෂ විසින් අධිකරණ ක්රියාපටිපාටියද ඉක්මවා බලතල ලබා දෙමින් පත් කරන ලද ‘පිස්සු පූසා’ කොමිසම යනුවෙන් හඳුන්වන කොමිසමේ ක්‍රියාකාරීත්වය යළිත් වරක් ප්‍රශ්න කිරීමට ලක්වී තිබේ.
මෙයට ආසන්නම හේතුව වී තිබෙන්නේ ආර්. දුමින්ද සිල්වාට ගෝඨාභය රාජපක්ෂ විසින් ලබා දෙන ලද ජනාධිපති සමාව වැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමඟ ය. ගෝඨාභය රාජපක්ෂගේ ‘පිස්සු පූසා’ කොමිසමේ කාලය දීර්ඝ කරමින් සහ එම කොමිසමේ කාර්ය පටිපාටියද ඉක්මවා යමින් දුමින්ද සිල්වා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ අවස්ථාව ලබා දී තිබිණි.
දුමින්ද සිල්වා සම්බන්ධ නිසි අධිකරණ ක්රියාපටිපාටියේදී සාක්ෂි දුන් සාක්ෂිකරුවන්ට එරෙහිව නඩු පැවරිය යුතු බවත්, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීන්ට එරෙහිව නඩු පැවරිය යුතු බවත් ‘පිස්සු පූසා’ කොමිසම නිර්දේශ කර තිබිණි.