ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත යමින් සිටි මගියෙකු හදිසියේ රෝගාතුර වී එම ගුවන් යානයේදීම මිය ගිය බව ගුවන් තොටුපළ භාර නිලධාරියා පවසයි.
ඊයේ රාත්‍රී 10.35ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් යූ.එල් 605 දරණ ගුවන් යානයේදී මෙම පුද්ගලයා මියගොස් ඇති බව ගුවන්තොටුපළ භාර නිලධාරියා සඳහන් කළේය.
යාපනය ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පුද්ගලයෙකි.
යානය ගොඩබෑමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපළේ දී මෘත දේහය කටුනායක ගුවන් තොටුපළ පොලිසිය වෙත භාරදුන් බව නිලධාරීවරයා සඳහන් කළේය.