නිව් යෝර්ක් බලධාරීන් පවසන්නේ තුවක්කු ආපසු ලබා දීම සඳහා ත්‍යාග පිරිනැමීමේ වැඩසටහනකින් නිව් යෝර්ක් නගරයේ තුවක්කු 3,000 ක් පමණ එකතු කර ඇති බවයි.
නිව්යෝර්ක් නීතිපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේදී ගිනි අවි 3,076ක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
නිව් යෝර්ක් නීතිපති කාර්යාලයට අනුව, එම වැඩසටහන යටතේ ප්‍රහාරක රයිෆලයක් සඳහා ඩොලර් 500 ක්, සාමාන්‍ය රයිෆලයක් සඳහා ඩොලර් 75 ක් සහ පිස්තෝලයක් සඳහා ඩොලර් 150 ක් පිරිනමනු ලබන අතර, සෑම ගිනිඅවියක්ම ප්‍රහාරයක් සඳහා භාවිත කිරීමේ හැකියාව තිබූ බැවින් මෙම වැඩසටහන ඵලදායක වූ බවයි නිව්යෝර්ක් නීතිපති කාර්යාලය සඳහන් කළේ.