කොළඹ වරායේ 06 වැනි ගේට්ටුව අසලදී පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු වෙඩි තැබීමකින් 08 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. කොළඹ වරායේ සිට පැමිණි පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු වෙඩි තබා ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙම වෙඩි තැබීමෙන් බ්ලූමැන්ඩල් වත්ත ප්රදේශයේ පදිංචි කිහිප දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු ද තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
කොළඹ වරායේ 06 ගේට්ටුව අසල වරායේ යකඩ සොරකම් කිරීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් ප්රශ්න කිරීමට ගම්වාසීන් පිරිසක් එහි පැමිණීමත් සමඟ එහි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.
තවත් පෞද්ගලික නිලධාරියෙකු පෞද්ගලික ආරක්ෂක අංශයකින් තුවක්කුවක් ගැනීමට ගිය අවස්ථාවේදී වෙඩි තබා ඇති බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.