අවසර දී ඇති වනාන්තර ප්‍රදේශවල පමණක් කඳවුරු බැඳීමට යන ලෙස සංචාරක සංවර්ධන අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ආරක්ෂිත සංචාරක ගමනාන්තයක් සඳහා පිළිගත් සංචාරක මාර්ගෝපදේශකයන්ගේ සහයෝගය ලබා ගත යුතු බව ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
ඔහු මෙම අදහස් පළ කළේ පසුගියදා කොස්ලන්ද දියලුම ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකට ලක්ව තරුණියක් අවාසනාවන්ත ලෙස මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා, දෙස් විදෙස් සංචාරකයින් සඳහා කඳවුරු පවත්වාගෙන යන සියලුම ආයතන නිසි පරිදි නියාමනය කිරීමට නම් ඒවා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කිරීම අත්‍යවශ්‍ය බව ද අදහස් කළේය.