දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා නගර හතරක ධාවනය වන බස් රථ හෙට සිට කොන්දොස්තරවරුන් නොමැතිව ධාවනය කිරීමට ශ්‍රී ලංකා රථ වාහන මණ්ඩලය කටයුතු යොදා තිබුණා.
ඒ මගීන්ට ප්‍රවේශපත්‍ර ලබා නොදී එම බස්රථවල කොන්දොස්තරවරුන් මුදල් වංචා කිරීමේ සිද්ධීන් කිහිපයක් හෙළිවීමත් සමඟයි.
ඒ අනුව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ආරම්භ වන ගාල්ල, මාතර ඇඹිලිපිටිය සහ තංගල්ල බස් රථ කොන්දොස්තරවරුන් නොමැතිව රියදුරන් සමඟ පමණක් ධාවනය ආරම්භ කර තිබේ.
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී කොන්දොස්තරවරයෙකු විසින් මගීන්ගෙන් මුදල් එකතු කර ටිකට්පත් නිකුත් කරයි, ඉන්පසු රියදුරු පමණක් බසය රැගෙන යයි.
පළමු දිනය වූ ඊයේ දිනයේම ආදායම අනෙකුත් දිනවලට සාපේක්ෂව රුපියල් ලක්ෂ 10කින් ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.
කෙසේ වෙතත් බස් රථ රියදුරන් පවසන්නේ රියදුරෙකු නොමැතිව ගමනාගමනය දුෂ්කර බවයි.