බගවන්තලාව, බි්‍රඩ්වෙල් තේ වත්තේ සේවය කරන වතු කම්කරුවෙකුට කඳුකර කොටියෙකුගේ ප්‍රහාරයක් එල්ල වී තිබේ.
බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඒ.එස්.කේ ජයසූරිය මහතා පැවසුවේ, තුවාල ලැබූ සේවකයා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මුලික රෝහල වෙත මාරුකර යවා ඇති බව ය.
බගවන්තලාව පොලිසිය පැවසුවේ කඳුකර කොටියා රක්ෂිතයට පළවා හැරීමට පියවර ගන්නා ලෙස නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට දැනුම් දුන් බවයි.