කෘත්‍රිම බුද්ධියේ පියා ලෙසින් හඳුන්වනු ලබන 75 හැවිරිදි ජෙෆ්රි හින්ටන් ගූගල් සමාගමෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
ඔහු පවසන්නේ, කෘතීම බුද්ධිය මිනිස් මනස අභිබවා යාමේ අවධානමක් ඇති බවත්, ඔහු සිදුකළ ඇතැම් අත්හදාබැලීම් පිළිබඳව අද වන විට ඔහු පසුතැවිලි වේ.
කෘත්‍රිම බුද්ධිය යනු මිනිසාගේ නිර්මාණයක් බවත්, කෘතීම බුද්ධිය මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් බැවින් එය මිනිසා අභිබවා යාමක් සිදු නොවන බව ලොව පිළිගත් මතය වුවද නුදුරු අනාගතයේදී එය වෙනස් වීමට හැකි බවයි.
එය එතරම් සුබවාදී නොවන බවයි ඔහු විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ. අනාගතයේදී මිනිසුන්ට රැකියා අහිමි කිරීමට පමණක් නොවෙයි තව බොහෝ කාරණා සඳහා කෘතීම බුද්ධියේ වර්ධනය ඉවහල් වන බවටයි ඔහු අනතුරු අඟවන්නේ.