මවක් තම දිනක් වයසැති බිළිඳා දරුකමට හදා ගැනීම සඳහා ඌරුබොක්ක ප්‍රදේශයේ අඹුසැමි යුවළකට විකුණා තිබේ. ඇය තංගල්ලපල්ලි ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියකි.
තංගල්ලපල්ලි ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි මවක් එම අඹුසැමි යුවළට දරුවා ලබාදුන් අඹුසැමියන් වෙත ගොස් දරුවා භාරදෙන ලෙස ඉල්ලා ඇති අතර එහි දී ඇයගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.
කනස්සල්ලට පත් මව පොලිසියට පැමිණිලි කර නව යුවළට එරෙහිව පැමිණිල්ලක් කළේය. පොලිසිය එම යුවළ අත්අඩංගුවට ගත්තේය.
පසුව වැඩිදුර සොයා බැලීමේදී දරුවාගේ පියා ගැබ්ගෙන මාසයකට පසු බිරිද හැර ගොස් ඇති බවත් දරුවා හදා ගැනීමට නොහැකිව සිටින බවත් අනාවරණය විය. ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය දැනුවත් කර බිළිඳා අඹුසැමියන් වෙත ලබා දී ඇත.
දරුවා පිළිසිඳ ගෙන මාස පහක සිට සායන සහ අනෙකුත් පරීක්ෂණ සඳහා සියලු වියදම් දැරිය මිල දී ගත් අඹුසැමියන් විසින් දරාගෙන ප්‍රසූතිය සඳහා මාතර නගරයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය විය.
ඒ අනුව සිද්ධියට සම්බන්ධ බිළිඳා අලෙවි කළ මව ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.