අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයේ තුන්වන දිනයේ ක්රීඩා කරමින් සිටින ශ්රී ලංකා ක්රීඩකයන් දෙදෙනෙක් විසින් ශතක දෙකක් වාර්තා කළේ ය. ඒ දිමුත් කරුණාරත්න සහ නිශාන් මධුෂ්ක යන ක්රීඩකයින් විසිනි.
නායක දිමුත් කරුණාරත්න හතරේ පහර 15ක් සමඟින් ලකුණු 115ක් සහ නිශාන් මධුෂ්ක ලකුණු 104ක් ලබා ගත් අතර ඊට හයේ පහර 1ක් සහ හතරේ පහර 14ක් ඇතුළත් විය.
කෙසේ වෙතත් ඔවුන් තවමත් අපරාජිතව සිටින අතර මේ වනවිට තරගය දිවා ආහාරය සඳහා අත්හිටුවා තිබේ.
නිෂාන්ගේ මංගල ටෙස්ට් ශතකය මෙය වන අතර දිමුත්ගේ 16වන ටෙස්ට් ශතකය මෙය වේ.