තමා කරන රැකියාව අන් අයට ප්‍රියමනාපව කිරිමට ඇතම් පිරිස් දක්වන්නේ මැලිකමක්. නමුත් තමා කරන රැකියාව කුමක් වුවත් එය ආදරයෙන් සිදු කරනවා මෙන්ම තමාගෙන් සේවාව ලබා ගන්නා සේවාදායකයාටද ප්‍රියමනාපව සේවය ලබා දීම වගකීමක් වෙනවා.
එවන් අපූරු සේවයක් ලබා දෙන තරුණයෙකු පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වෙනවා. එම සටහන පහතින්, 2012 වසරේ දක්ෂින අධිවේගී මාර්ගය ඇරඹූ දිනයේ සිට මේ වනවිට සිය වතාවක් නොව දහස් වතාවකටත් වඩා අධිවේගී මාර්ගය භාවිතා කර ඇත්තෙමි.. අධිවේගී මාර්ගයට ඇතුළු වීමේ කවුන්ටර් වලදී මෙතෙක් කිසිදා නොලැබූ අත්දැකීමකට අද මීරිගම කුරුණෑගල අධිවේගී මාර්ගයේ කුරුණෑගල දෙසින් අවසානයට ඇති පිවිසුමේදී අත්වින්ඳෙමි…. අධිවේගී මාර්ගයෙන් පිටතට යාමට ටිකට් පත ඔහු අතට දෙද්දී එහි සිටි තරුණයා “Good Morning Sir… යනුවෙන් සිනහමුසු මුහුණින් පැවසීය… මා මා ඔහුට ඒ මොහොතේදීම පැවසූයේ බොහෝ වාරයක් අධිවේගී මාර්ගයේ ගමන් කර ඇති නමුත් මෙවන් ප්‍රතිචාරයක් කිසිදු කවුළුවකින් නොලැබුණු බවය.. මුදල් අය කර ටිකට් පත ආපසු මා අතට දෙන ගමන් ඔහු නැවත සිනහ මුසු මුහුණින් පැවසුවේ “තෙරුවන් සරණයි.. සුභ දවසක්.. පරිස්සමින් ගිහිං එන්න සර්..” කියාය.. සමහරවිට කාර් එකේ ඩෑෂ් බෝඩ් එක උඩ තිබූ බුදු රුව දැක ඔහු තෙරුවන් සරණ වචනය භාවිත කරන්නට ඇත.
බොහෝ අවස්ථාවලදී මෙම කවුළු වල සේවය කරන අය දුරකතනයේ කතා කරමින් හෝ එය කනේ ගසාගෙන සිංදුවක් අසමින් හෝ සිටින අතර කිසිදු ප්‍රසන්න ස්වරූපයක් නැතුව ඇතුළුවන පිටවන මගින් සමග කටයුතු කරනු මා දැක ඇත.. ( ප්‍රසන්නව සිටින අය නැතුවා ද නොවේ.. නමුත් අද ලැබූ අත්දැකීම නම් මා මීට පෙර ලැබුවේ නැත) එලෙස බලන විට මේ අපූරු තරුණයා ගේ හැසිරීම ස්වභාවය සහ ඔහු රාජකාරියේ යෙදෙන ප්‍රසන්න සභාවේ ඉතාමත් විශිෂ්ටය.. ස්තූතියි පුතා…
සටහන ලාල් ඩී අල්විස්