මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය සිනමාවේ සුපිරි නළු Ashish Vidyarthi දෙවන වරටත් විවාහ ජීවිතයට පා තැබුවා. 60 වැනි වියේ පසුවන Ashish විවාහ වී සිටින්නේ Rupali Barua සමඟ වන අතර විලාසිතා නිර්මාණ ශිල්පිනියකි.
ආශිෂ් ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඔවුන්ගේ ආදරය බොහෝ කලකට පෙර ආරම්භ වූ බවත් එය ඉදිරියේදී ප්‍රකාශ කරන බවත්ය.
එමෙන්ම ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වුණේ සමීපතම පවුලේ සාමාජිකයන් පමණක් සහභාගීව සිටි අතර, අලුත විවාහ වූ ජීවිතය පිළිබඳව අදහස් දක්වමින් Rupali Barua පවසා ඇත්තේ ආශිෂ් කඩවසම් මිනිසෙක් බවත් ඔහු සමඟ සිටීම සතුටක් බවත්ය.