නුවරඑළිය – හාවාඑළිය ප්රදේශයේ ගාඩ්වත්ත රක්ෂිතයට දර සෙවීම සඳහා ඇතුල් වූ පුද්ගලයෙකු අතුරුදහන්වීමේ සිද්ධියක් නුවරඑළිය පොලීසියෙන් වාර්තා වනවා . අතුරුදහන් වූ පුද්ගලයා වයස අවුරුදු 49 ක් වූ භාවාඑළිය ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වන්නේ. නුවරඑළිය පොලිස් ස්ථානයේ නිලධාරීන්, යුධ හමුදාව සහ ප්රදේශවාසීන් එක්ව අතුරුදහන් වූ පුද්ගලයා සොයා මේ වන විට මෙහෙයුම් දියත් කර ඇති බවයි ඔවුන් කියා සිටියේ.
එහිදී රක්ෂිතය මැද තිබී අතුරුදහන් වූ අයගේ යැයි සැක කරනු ලබන පාවහන් යුගලක් හා කබායක් හමු වී තිබෙනවා. අතුරුදහන් වූ පුද්ගලයා මේ වන තෙක් සොයාගෙන නොමැති අතර නිළ සුනඛයින්ගේ සහය ඇතිව තවදුරටත් මොහු සොයා පරීක්ෂණ සිදුකරන බව නුවරඑළිය පොලිසිය පවසා සිටියා.